
"කෙසේ වුවද වෘත්තියක් තෝරා ගැනීමේදී අපට මග පෙන්විය යුතු ප්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය සංහතියේ සුබ සිද්ධිය සහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවන් දෙක එකිනෙක සමග ගැටෙන බව හෝ එකක් විසින් අනික වනසා දැමිය යුතු යයි හෝ නොසිතිය යුතුය. ඊට ප්රතිපක්ෂව, තම සමාජයේ පරිසමාප්තිය සහ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි වන පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත." (Reflection of a youth on choosing an occupation- Karl Marx)
Sunday, May 5, 2013
මුස්ලිම් විරෝධීන්ට බොර තෙල් ආශ්‍රිත නිෂ්පාදන කැපද...
ප්‍රධාන වශයෙන් ප්‍රගාමී ව්‍යාපාරය හැටියටත්, පෞද්ගලිකව අපගේ භාවිතාව තුලත් අප දිගින් දිගටම වර්තමානයේ මෙරට ක්‍රියාත්මක ප්‍රතිගාමී මුස්ලිම් විරෝධයට එරහිව ක්‍රියා කළෙමු. විශේෂයෙන්ම, එහිදී අප කියා සිටියේ අන්තවාදීන් සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් සිටින බව අප පිළිගන්න බවත්, ඊට විසඳුම වන්නේ පටු, ප්‍රතිගාමී මුස්ලිම් විරෝධය නොව “සියලු ජාතිවාදයන් පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීම බවත්ය.
ඒ හැරුණු කොට, යම් කිසි ආගමක උන්නතිය උදසා කටයුතු කිරීම යනු, අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමේ උන්නතිය උදෙසා සිදු කරන ක්‍රියාකාරීත්වයන්(අප මෙහිදී අදහස් කරන්නේ සාමකාමී ක්‍රියාකාරීත්වයන් පිළිබඳවය. සාමකාමී නොවන ක්‍රියාකාරීත්වයක යෙදේ නම් අප කලින් ප්‍රකාශ කල පරිදි ඊට විසඳුම වන්නේ “සියලු ජාතිවාදයන් පරදමු” සටන් පාඨය ජයග්‍රහණය කිරීමය ) වාරණය කිරීම හරහා නොව ඊට සමකාමී තරගයක් දිය හැකි වැඩ පිළිවෙලක් තම ආගමට අදාලව ගොඩනැගීම බවත් එය වෛරය පදනම් කරගත් මුස්ලිම් විරෝධයට වඩා දස දහස් ගුණයක් වටිනා සහ ඵලදායි ක්‍රියාදාමයක් බවත්, ප්‍රගීත් අරවින්ද සහෝදරයා ගේ “බොදු විලාසිතාව සහ සිංහලය” යන ලිපිය වැනි ලිපි හරහා අපි පැහැදිලි කළෙමු.
කෙසේ වුවද තවමත් මුස්ලිම් විරෝධය සරුවට වැඩෙයි. ආරම්භයේ සිටම රාජපක්ෂ රෙජීමයේ ෆැසිස්ට්වාදය පවත්වා ගැනීමට උදව් කල, රාජපක්ෂ හෙජමොනියේ (රාජපක්ෂ හෙජමොනියේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් විරෝධය නිර්මාණය වූ ආකාර "රාජපක්ෂ හෙජමොනියේ ප්‍රථිපල: මුස්ලිම් විරෝධය..","මුස්ලිම් විරෝධීනි, ඔබ සිදුකරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි.."යන ලිපිමගින් අප පැහැදිලි කර ඇත.) ප්‍රතිඵලයක් ලෙසට හට ගත් මුස්ලිම් විරෝධය, ධන ලෝබී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිය ලාබය වැඩිකර ගැනීමට යොදාගැනීම නිසා සමාජය තුල දැඩිව ව්‍යාප්ත වී මේ වන විට මුස්ලිම් ජාතිය මත ජාතික පීඩනයක් ඇති කරන මට්ටමටම වර්ධනය වී ඇත. දැන් මුස්ලින් විරෝධයේ අලුත්ම ස්වරූපය වී ඇත්තේ හලාල් විරෝධයයි මෙම හලාල් විරෝධය සාධාරණීකරණය කිරීමට මුස්ලිම් විරෝධීන් දක්වන හේතුන් වන්නේ හලාල් සහතිකය ලබාදීමට අයකරනා මුදල් පහත දේ සඳහා යොදා ගැනීමයි.
1.ඉස්ලාම් මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට යෙදවීම.
2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම.
3.ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් සුබ සාධක තත්වයන් නැංවීම
4.ඉස්ලාම ආගම පිලිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම
5.ඇතැම් ත්‍රස්ත සංවිධාන සඳහා යෙදවීම
යන ආදී කරුණුය.
මෙම කරුණු සාරාංශ ගත කලොත් මුස්ලිම් විරෝධීන් ප්‍රකාශ කරන්නේ අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා හලාල් මුදල් යෙදීම හේතුවෙන් හලාල් වර්ජනය කරන බවය.මේ සමබන්ධව පසුගිය දිනක අප සමග සංවාදයක යෙදී සිටි මිතුරෙකු අපූරු ප්‍රකාශයක් කළේය ඔහු කීවේ හලාල් වර්ජනය කරන මුස්ලිම් විරෝධීන් වාහන වල යාමද වර්ජන කල යුතු බවය. මන්ද ඒවාට ඛනිජ තෙක් යොදා ගන්න බැවිනි.
අප ඛනිජ තෙල් මිල දී ගන්න රටවල් බහුතරයක් මුස්ලිම් රටවල් වේ. එම රටවල් අපට ඛනිජ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදවන බව අත දරුවෙකු වුවද දන්නා කරුණකි. ඒ අනුව හලාල් වර්ජනය කරනා පදනමෙන් මුස්ලිම් විරෝධීන්ට බොරතෙල් ආශ්‍රිත සියලු නිෂ්පාදන අකැපය. එබැවින් දර ලිපෙන් පිසූ ආහාර ගෙන, ගොන් කරත්තව වලින් ගමනා ගමන පහසුකම් සපයා ගන්න මුස්ලිම් විරෝධීන් අපට නුදුරු අනාගතයේදීම දැක ගන්නට හැකි වෙනු නොඅනුමානය.
-ප්‍රගාමී ව්‍යාපාරය
Subscribe to:
Post Comments (Atom)
We will do that when anti americans stop using carS and plans
ReplyDelete