Tuesday, January 1, 2013

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"(3) -භාවිත වටිනාකමෙහි පරාරෝපණය(alienation)

(“භාවිත වටිනාකම යනු අපෙන් පරිබාහිරව පවතින, අපි අවශ්‍ය ලෙස, ප්‍රයෝජනවත් ලෙස, නෙත්කළු ලෙස දකින, ඕනෑම දෙයකි.”-පරිච්ඡේදය 1- වෙළද භාණ්ඩ. පරාරෝපණය යන වචනය ඔබට පැටළිලි සහගත විය හැකිය. එය නොසලකමින් පරිච්ඡේදය කියවා එමගින් අදහස වටහාගන්න-පරිවර්තක)

ධනවාදී නිෂ්පාදනය පූර්ණලෙස අවබෝධ කරගැනීමට නම්, ඉහත කාරණා සියල්ල වටහාගත යුතුය, එනම් වෙළඳ භාණ්ඩයක දෙබිඩි ජීවිතය සාමකාමී හෝ සහයෝගී නොවන බවය. වටිනාකම සහ භාවිත වටිනාකම ප්‍රතිපක්ෂ ලෙස ඝට්ටනය වේ. ධනවාදයේ ලාභය සොයා යාම - සදාකාලිකව විශාලවන මුදල් වටිනාකම් ගොන්න- ආහාර, වාසස්ථාන සහ අනෙකුත් භාවිත වටිනාකම් සඳහා වන මානව රුචිකත්වයන් සමඟ පූර්ණව ඝට්ටනය වේ.

අප දැන් කතාකරන්නේ නිෂ්පදන භාණ්ඩය ප්‍රයෝජනවත් වස්තුවක් ලෙස - භාවිත වටිනාකමක් ලෙස එහි අයුතු පරිහරණයේ - විකෘතිය, මැඩලීම සහ අපහරණය පිළිඹඳවය. නිෂ්පාදන භාණ්ඩය වටිනාකමක් ලෙස සැලකෙන තරමටම එය භාවිත වටිනාකමක් ලෙස පරාරෝපණය කරනු ලැබ ඇත.

යම් වෙළඳ භාණ්ඩයක් යමෙක් මිලදී ගැනීමට නම් එය ප්‍රයෝජනවත් විය යුතු හෝ ප්‍රයෝජනවත් ලෙස පෙනෙන්නෙට තිබිය යුතුය. නමුත් ප්‍රයෝජනවත් භාවය යනු එහි වාදයට බඳුන් වන ප්‍රධාන කාරණාව නොවේ. නිෂ්පාදනය පරිහරණය සඳහා අලෙවි කරන්නක් විය යුතුය.විකිණීම(sale) යනු භාවිතය සඳහා අවශ්‍ය, සහ අත්හළ නොහැකි පූර්ව අවශ්‍යතාවයකි. හුවමාරුවෙන් තොරව එහි ප්‍රයෝජනයක් තිබිය නොහැකිය. වෙළඳ භාණ්ඩයක් එහි හුවමාරු හැකියාව ඔප්පු කිරීමට අසමත් නම් එහි ප්‍රයෝජනයත් අවලංගු වී යයි.මේ අයුරින් “පිටස්තර” හුවමාරුව “ස්වභාවික” ප්‍රයෝජනය යටකර දමයි.

උදාහරණයක් ලෙස පාන් රාත්තලක් සලකමු. එහි ප්‍රයෝජනවත් භාවය සම්පූර්ණයෙන් සඟවා ගනිමින් එය වෙළඳ සැලක තිබේ. ආහාරයට ගත හැකි ලෙස පරිපූර්ණ වුවද, ආහරයක් වීමට ප්‍රථම එය එහි හුවමාරු වටිනාකම ඔප්පු කළ යුතුය. යමෙක් එය මිල දී නොගනී නම් එය රාක්කය මතම පුස් කා දිරාපත් වී යයි -මිනිසුන් නිරාහාරව සිටියදී පවා. සෑම පාරිභෝගික හාණ්ඩයක් සඳහාම මෙය සත්‍ය වේ: අලෙවි නොවේද, ප්‍රයෝජනයක්ද නොවේ (NO SALE, NO USE). මෙය පෞද්ගලික දේපලෙහි මූලධර්මයකි. පාරිභෝගික භාණ්ඩ බෙදා දීමට සාදා නැත. ධනපතීහු වැඩකරන්නන් හා බෙදා නොගනිති.

හුවමාරුව සඳහා වන නිෂ්පාදනයන්හි ප්‍රතිපලයක් වන භාවිත වටිනාකමෙහි විකෘතියට තවත් උදාහරණයකි, නිෂ්පාදනයට හානි පැමිණවීම(නිෂ්පාදකයා විසින්, හිතා මතා(sabotage)). ව්‍යාපාරය නිෂ්පාදනවල ගුණාත්මක භාවය සැලකිල්ලට ගන්නේ අලෙවිය යන ස්ථාවරය මත පමණී. අලෙවියට බලනොපායි නම් ව්‍යාපාරය කම්කරුවාට, ආරක්ෂක පූර්වෝපායන්ට, අමුද්‍රව්‍යයන්ට ලෝභ වී, ඉතාම සතුටින් පිරිවැය කපාහරී(cut costs) - ප්‍රයෝජනයක් නැති, අවදානම් සහගත, මරාන්තික නිෂ්පාදන පවාකරමින්.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment