
"කෙසේ වුවද වෘත්තියක් තෝරා ගැනීමේදී අපට මග පෙන්විය යුතු ප්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය සංහතියේ සුබ සිද්ධිය සහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවන් දෙක එකිනෙක සමග ගැටෙන බව හෝ එකක් විසින් අනික වනසා දැමිය යුතු යයි හෝ නොසිතිය යුතුය. ඊට ප්රතිපක්ෂව, තම සමාජයේ පරිසමාප්තිය සහ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි වන පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත." (Reflection of a youth on choosing an occupation- Karl Marx)
Monday, December 17, 2012
සියලු ජාතිවාදයන් පරදමු!
ප්‍රතිගාමී මුස්ලිම් විරෝධයට එරහිව "මුස්ලිම් විරෝධීනි, ඔබ සිදු කරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි" යන හිසින් අප විසින් පල කරන ලද ලිපිය මුල් කරගෙන සංවාදයක් සිදු කෙරෙමින් පවතින පසුබිමක සංවාදයට අදාළ වන පරිදි, මුස්ලිම් විරෝධීන් විසින් ඇතිව තිබේයැයි ප්‍රකාශ කරන මුස්ලිම් විරෝධීන්ගේ ආගමට, ජාතිකත්වයට අතවර සිදුවීම යන ගැටලුවට විසදුම් ලෙස කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට ප්‍රමුඛත්වයක් දෙමින්, නැවත වරක් අපේ අදහස පුළුල්ව පැහැදිලි කිරීමට අපි තීරණය කළෙමු.
දැඩි මුස්ලිම් විරෝධියෙකු වන ශෂික සාරංග අතුකෝරල සහ ඔහුගේ අනෙකුත් මුස්ලිම් විරෝධී සගයන් ඇතුළු සමස්ත මුස්ලිම් විරෝධීන් ප්‍රධාන වශයෙන් පොට වරද්දා ගෙන ඇත්තේ ඔවුන්ගේ ආගමට, ජාතිකත්වයට අතවර සිදුවීම යන ගැටලුව විග්‍රහ කර ගැනීමේදී හා ඊට විසදුම් ඉදිරිපත් කිරීමේදීය. මුස්ලිම් විරෝධීන් විසින් ගැටලුව විග්‍රහ කිරීමේදී සිදු කර ඇති වරද වන්නේ එය සමස්ත මුස්ලිම් ජාතිකත්වයේ ක්‍රියාකාරිත්වයක් ලෙස අර්ථ නිරූපණය කරගැනීමයි. එම ක්‍රියාවන් මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරන අන්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස හදුනා නොගැනීමට අමතරව එවැනි ක්‍රියා මුස්ලිම් මෙන්ම වෙනත් ජාතිකත්වයන් නියෝජනය කරන අන්තවාදීන් ගෙන් සිදුවී ඇති බව ගැන දැනුවත් නොවීම යන වරදද ගැටලුව විග්‍රහ කිරීමේදී සිදු කර ඇත. ගැටලුවට විසදුම් ඉදිරිපත් කිරීමේදී විසදුම ලෙස මුස්ලිම් විරෝධය ඉදිරිපත් කරමින් සිදු කර ඇත්තේද වරදක් වන්නේ එය ගැටලුවට විසදුමක් නොව ගැටලුව තිව්ර කරන්නට දෙන තල්ලුවක් බැවිනි.
මුස්ලිම් විරෝධීනට ඇතැයි ප්‍රකාශ කරන ගැටලුවට විසදුම ලෙස අප ඉදිරිපත් කරන්නේ "සියලු ජාතිවාදයන් පරදමු" යන සටන් පාඨය දිනවීමයි. මුස්ලිම් විරෝධීන්ට ඇතැයි පවසන ගැටලුවට ස්ථිරසාර සහ පළල් විසදුමක් එවිට ලැබේ. මහා ජාතියක් වුවද සුළු ජාතියක් වුවද ඕනෑම ජාතිකත්වයක අයිතිවාසිකම් ආරක්ෂා වීමක් එම සටන් පාඨය දිනවීම හරහා සිදුවේ. එවිට කිසිවෙකුටත් බහුතරය රැක ගැනීම සඳහා කඩිමුඩියේ ළමයින් සෑදීමට සිදුවන්නේද නැත.
-ප්‍රගාමී ව්‍යාපාරය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment